Gossips

නකල්ස් වන විනාශය ගැන CIA හෙළිදරව්වට ජනපතිගේ අවධානය

හිරු සී.අයි.ඒ අනාවරණයෙන් පසු නකල්ස් පරිසර කලාපයේ සිදුකළ වන විනාශය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගය මත විශේෂ විමර්ශනයක් සිදු කිරීමට පරිසර අමාත්‍යයාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාල ප්‍රදේශයට පැමිණියා.
අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබදවයි.
නකල්ස් අධි රක්ෂිත කලාපය ආශ්‍රිත බෙලිගොඩ රක්ෂිතයේ මහා වන විනාශයක් සිදුවන බව හිරු සී.අයි.ඒ අනාවරණය කළේ පසුගිය 11 වනදායි.
පරිසර ශක්ෂතා අධ්‍යනයක් සිදුකර අදාල රක්ෂිත වනාන්තරයේ මෙම ස්ථානය දක්වා මාර්ගයක් ඉදිකර මොරගහකන්ද – කළු ගග යා කරන උමං මාර්ගය ඉදිකිරීම සදහා චීන සමාගමකට රජය මගින් අවසර ලබාදී තිබුනා.
එහෙත් මෙම ස්ථානයේ ගග ගැඹුර වැඩි බව දක්වමින් ඉදිකිරීම් සිදුකරන චීන සමාගම නීතිවිරෝධී ලෙස තවත් මීටර් 600 ක් පමණ රක්ෂිතය මැදින් පාරක් කපා තිබුනේ කිසිදු අවසරයකින් තොරවයි.
අප මේ පිළිබද අනාවරණය කළ සැනින්, පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමුව තිබෙනවා.