Gossips

නකල්ස් රක්ෂිතය බලන්න ගිහින් අතරමංවූ තරුණයන් 7 දෙනාට සිදුවූ දේ

නක්ල්ස් රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංව සිටින තරුණයින් 7 දෙනා හමුවී තිබෙනවා.
පොලිස් ස්ථාන 4ක නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි ඔවුන් හමුවී ඇත්තේ.
මෙලෙස අතරමංව සිටියේ පනාගොඩ – මීගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක්.
පන්විල – බඹරඇල්ල ප්‍රදේශයෙන් මොවුන් නක්ල්ස් රක්ෂිතයට ඇතුළු වී ඇත්තේ පසුගිය 6 වන දා පස්වරුවේයි.
සන්නිවේදන බිඳ වැටීම හේතුවෙන් ඔවුන් මෙලෙස අතරමංව ඇති බවයි වාර්තා වන්නේ.
පන්විල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.