Gossips

නකල්ස් රක්ෂිතයේ ජෛව විවිධත්වයට තර්ජනයක්

මාතලේ සිට රත්තොට දක්වා දිවෙන රිවර්ස්ටන් මාර්ගයේ ගමන් ගන්නා සංචාර යතුරුපැදිකරුවන් හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ට මෙනේම පරිසරයටද බරපතල හානියක් සිදුවන බව සංචාරකයෝ පවසනවා.
අධික ශබ්දයෙන් යතුරැ පැදි ධාවනය කිරීම සහ අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කිරීම මෙම ගැටලුවට හේතුවී ඇතිබවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
දෛනිකව හා සති අන්තයේ රිවස්ටන් නැරඹිම සදහා පැමිණෙන බවයි වාර්තා වන්නේ.
මේ තත්ත්වය අනුව අධි සංවේදී පරිසර පද්ධතියක් වන නකල්ස් රක්ෂිතයේ ජෛව විවිධත්වය බරපතල තර්ජනයක ලක්ව ඇති බවයි පරිසරවේදීන් පවසන්නේ.