නකල්ස් රක්ෂිතය තුළ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට කිසිදු අයුරකින් සමාගමකට හෝ පුද්ගලයෙකුට භාර දී නොමැති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
තේ කර්මාන්තය බිද වැටී ඇත්දැයි මාධ්‍යවේදීන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් එහිදී විමසීමක් කළ අතර අමාත්‍යවරයා එහිදී ප්‍රශ්න මග හැර සාකච්ඡාවෙන් පිටව ගියා. යළි ඔහු මාධ්‍ය හමුවට පැමිණි අතර, පිළිතුරු ලබාදීමේදී රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ද ඊට මැදිහත් වුණා.
කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ කියා සිටියේ තමන් නකල්ස් රක්ෂිතය සමාගම වෙත පවරා ඇති බව තහවුරු කිරීමට සූදානම් බවයි.
