Gossips

නකල්ස් රක්ෂිතයේ අතුරුදන් වූ 7 දෙනා හමුවෙයි

පාතදුම්බර – පන්විල – බඹරඇල්ල ප්‍රදේශයෙන් නකල්ස් – කළුපහන රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංව සිටි තරුණයින් හත්දෙනා අද පස්වරුවේදී සොයා ගනු ලැබුවා.
පැය 30කට ආසන්න කාලයක් ඔවුන් මෙලෙස රක්ෂිතයේ අතරමංව සිට ඇති බවටයි වාර්තාවන්නේ.
තරුණයින් 7 දෙනාගෙන් තුන්දෙනෙකු අද උදෑසන රක්ෂිතයෙන් පිටතට පැමිණ නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුන් සමඟ සිටි තවත් 4 දෙනෙකුට මාර්ගය සොයාගැනීමට නොහැකිවී අතරමංව සිට ඇති අතර, පොලිස් ස්ථාන 4 ක නිලධාරින්, යුද හමුදා නිලධාරින් 50 දෙනෙකු සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි අද පස්වරුවේ ඔවුන් මෙලෙස සොයාගනු ලැබුවේ.
පනාගොඩ, ගාල්ල, කෑගල්ල සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචි මෙම තරුණයින් හත්දෙනා පන්විල – බඹරඇල්ල ප්‍රදේශයෙන් නක්ල්ස් රක්ෂිතයට ඇතුළු වී ඇත්තේ පසුගිය 6 වනදායි.