Gossips

නකල්ස් රක්ෂිතයේදී අතරමං වූ තරුණයන් 7 දෙනා සොයා මෙහෙයුම්

නක්ල්ස් රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංව සිටින තරුණයින් 7 දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකෙරෙනවා.
ඒ සඳහා පොලිස් ස්ථාන 4ක නිලධාරීන් එක්ව සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පනාගොඩ – මීගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් මෙලෙස අතරමංව සිටින අතර, පන්විල – බඹරඇල්ල ප්‍රදේශයෙන් මොවුන් නක්ල්ස් රක්ෂිතයට ඇතුළු වී ඇත්තේ පසුගිය 6 වන දා පස්වරුවේයි.