ධ‍්‍රැව ප්‍රදේශ ඇතුළු මිහිතලයේ අයිස් ආවරණයට කාලගුණ වෙනස නිසා කොතරම් හානියක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා පෘථිවියට ලේසර් කිරණ යොමු කරන චන්ද්‍රිකාවක් උඩු ගුවනට යැවීමට ඇමරිකාව සැරසෙනවා.
අයිස් සැට් ටූ ලෙස නම් කෙරුණු මෙම චන්ද්‍රිකාව මගින් ඇන්ටාටිකාව, ග්‍රීන්ලන්තය මෙන්ම අයිස් කුට්ටි පාවෙන ආක්ටික් සාගරයේ අයිස් ගවේෂණයට ලක් කරනු ඇති.
පෘථිවියට කිලෝමීටර් 500ක් ඈතින් කක්ෂගත කෙරෙන මෙම ලේසර් චන්ද්‍රිකාව කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් ගුවන් හමුදා ගුවන් තොටුපළින් අද උඩු ගුවන බලා නික්මීමට නියමිතයි.
