Gossips

ධීවර සහ නාවික ප්‍රජාවට යළි සිහිකැඳවීමක්

දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුුදු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේ වර්ධනය වන අඩු පීඩන තත්ත්වය පිළිබදව ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයින දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින් අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එබැවින් හෙට සිට මුහුදේ ස්වභාවය තරමක් රළු විය හැකි බැවින් ඒ පිළිබදව ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
එමෙන්ම, අද පස්වරුවේ ද උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන අතර, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට ද වැසි ඇතිවිය හැකියි.