Gossips

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

දිවයිනට බස්නාහිර, නිරිත සහ උතුරු දෙසින් ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල සිට කොළඹ, මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරනවා.
මේ සම්බන්ධයෙන් ධීවර හා නාවුක ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේවන විට පුද්ගලයින් 124000 කට වැඩි පිරිසක් විපතට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ අපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම සඳහා දවසේ පැය 24 පුරාම 117 දුරකථන අංකය විවෘතව පවතින බවයි.