අනිද්දා (12) මධ්‍යම රාත්‍රියේ සිට භුමිතෙල් ලීටරයක මිල රුපියල් 70කට ලබාදීමට කටයුතු කරන බව ධීවර සහා ජලජ සම්පත් හා ග්‍රාමීය කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි අද (10) ප්‍රකාශ කළා.
එහෙත් ධීවර සංවිධාන එකමුතුව පවසන්නේ පෙර පැවති රුපියල් 44 මිලටම තමන් භූමි තෙල් අවශ්‍ය බවයි.
කෙසේ වෙතත්, මීගමුවේ ධීවරයන් පසුගිය 08 වනදා ආරම්භ කළ සත්‍යග්‍රහය අද (10) අවසන් කළේ පැවති මිලටම භූමි තෙල් ලබාදෙන තුරු හෙට (11) සිට විරෝධතා ආරම්භ කරන බව ප්‍රකාශ කරමින්.
ධීවර සංවිධාන එකමුතුවේ කාරක සභික ජූඩ් නාමල් ද තම සංගමය එම තීරණයේ සිටින බව ප්‍රකාශ කළා.