මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනා සොයා දෙන ලෙස ඉල්ලා පැවැත්වෙන ධීවර විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු හික්කඩුව – තොටගමුව මංසන්ධියෙන් යළි අවහිර වී තිබෙනවා.
අතුරුදන් වූ ධීවරයින් 7 දෙනෙකු සොයා දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ සිට මෙම විරෝධතාව සිදුකරනවා.
ඒ හේතුවෙන් අද දහවල් හික්කඩුව – වැරැල්ලාන ප්‍රදේශයෙන් ද ගාලූපාර අවහිර වුණා.
විරෝධතාකරුවන් කියා සිටියේ බලධාරින් කිසිවෙකුත් ගැටලූවට අදාළව මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.