Gossips

ධීවරයින් තවමත් වර්ජනයේ

භූමි තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද (15) දිනයේදීත් මුහුදු යාමෙන් වැළකී සිටින බව ඇතැම් ධීවර සංගම් ප්‍රකාශ කරනවා.
ඔවුන් සඳහන් කළේ තමන්ට විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩ වර්ජනයේ නිරත වන බවයි.
භූමි තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් දකුණ, බටහිර සහ වයඹ පළාත්වල සුළුපන්න ධීවරයින් ඊයේ (14) දිනයේදී ද මුහුදු යාමෙන් වැළකී සිටියා.
මේ අතර, භූමි තෙල් සහනාධාරය හිමි පුද්ගලයින් සඳහා අදාළ මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.
ඊට අදාළ තොරතුරු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සහ ධීවර දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව භූමි තෙල් මිල සංශෝධනය වූ දින සිට නියමිත සහනාධාරය, හිඟ මුදල් ද සමඟ කඩිනමින් ගෙවීමට කටයුතු කරන බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.