Gossips

ධීවරයින්ට යළි අවදානමක්

දිවයින අවට මුහුදු තීරයේ සුළෙඟ් වේගය ඉහළ යාම අනිද්දා දක්වා බලපැවැත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පුත්තලම සිට කොළඹ හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 60 ත් 65 ත් දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම දිවයින හරහා සුළෙඟ් වේගය සැළකීමේදී දකුණු අර්ධයට බලපෑමක් පැවතිය
මේ අතර ලබන සිකුරාදාට යෙදෙන ඇසළ පුන් පොහෝදිනයේදී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිමිවනවා.
එම චන්ද්‍රග්‍රහණය, මෙරට වේලාවෙන් රාත්‍රී 10.45 ට ආරම්භ වන අතර, එහි අවසානය පසුදින අලූයම 4.58 ට සිදුවීමට නියමිතයි.
මේ වසරේ සිදුවන දෙවන පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙයයි. චන්ද්‍රයා සහ සූර්යා අතරට පෘථිවිය පැමිණ ඒකරේඛීය වීමෙන් පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට පතිතවීමේ සංසිද්ධිය චන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳින්වෙනවා.