Gossips

ධීවරයින්ට දෙන භූමිතෙල් සහනාධාර බස් රථවලට ලබාදීමේ ජාවාරමක් හෙලිවෙයි

ලංකා ධීවර සංස්ථාව මගින් සහනාධාර ලෙස ලබාදෙන භූමිතෙල් පෞද්ගලික බස් රථ සහ ලොරි රථවලට ලබාදීමේ ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙනවා.
හිරු TV සී.අයි.ඒ. කණ්ඩායම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ විමර්ශන ඒකකය එක්ව සිදුකළ වැටලීමකදියි අදාළ ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිව ඇත්තේ.
කින්නියා ප්‍රදේශයේ ලංකා ධීවර සංස්ථාවට අයත් භූමිතෙල් පිරවුම්හලකින් දීර්ඝ කාලයක සිට මෙලෙස පෞද්ගලික බස් රථ සහ ලොරි රථවලට භූමිතෙල් ලබාදී තිබෙනවා.
වැටලීම සිදුකරන අවස්ථාවේදීත් පිරවුම්හලෙන් ලොරි රථයකට භූමිතෙල් ලබාදී ඇති බවටයි වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට පෙරද උතුරු පළාතේ ක්‍රියාත්මක වූ භූමිතෙල් ජාවාරමක් පිළිබඳව හිරු ටී.වී. සී අයි ඒ කණ්ඩායම තොරතුරු අනාවරණය කරනු ලැබුවා.