Gossips

ධීවරයින්ගෙන් අනතුරු ඇඟවීමක්

ලබන අගහරුවාදා වනවිට භූමිතෙල් සහනාධාරය නිසි ලෙස ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පිටිපන ධීවර එකමුතුව පවසනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සභාපති ඞී. ලැනී ෆ්‍රැන්සිස් කියා සිටියේ භූමිතෙල් මිල ඉහළ දැමීමෙන් ධීවරයින් අපහසුතාවට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත්, ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ පැවසුවේ ධීවරයින්ට ලබාදෙන භූමිතෙල් සහනාධාරය ලබාදීමට කටයුතු කර ඇති බවයි.