Gossips

ධිවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 සිට 2.5 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ලබන 15 වන දින දක්වා මෙම තත්ත්වය පවතින අතර එම මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් නොමැති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කළා.
එමෙන්ම, වැසි ඇතිවන අවස්ථාවල එම ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකි බව ද එමගින් කියා සිටියා.