Gossips

ධිවරයින්ට අනතුරු ඇඟවීමක්

දිවයිනට කිලෝමීටර් 550 ක් බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් තවදුරටත් පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව වැඩි අවධානයක් යොමුකරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
කෙසේ වෙතත්, පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව ද එහි දැක්වෙනවා.