Gossips

ධාවන ලෝකයේ රජු බෝල්ට් ගේ වාර්තාව කඩන්න පිටියට පැමිණි ජැමෙයිකාවේ අලුත්ම තරුව නතරවූ තැන

මෙවර 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මෙවර බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ ඉසව්ව වූයේ මීටර් 100 ධාවන තරඟයයි.
එහිදී මීටර් සියය ඉසව්ව ජයගත්තේ වේගවත්ම ක්‍රීඩකයා වූයේ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේයි.
තියුණු සටනකින් අනතුරුව තත්. 10.03 ක කාලයක්‌ සිය නම ඉදිරියේ සටහන්කර ගනිමින් සිම්බිනේ රන් පදක්‌කම දිනා ගැනීමට සමත්වූවා.
එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්‌කම් දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ හෙන්රිචෝ බෘන්ජිස්‌ (තත්. 10.17) සහ ජැමෙයිකාවේ යොහාන් බ්ලේක්‌ (තත්. 10.19) සමත් වූවා.
කෙසේ වෙතත් මෙහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ සුපිරි ක්‍රීඩක බෝල්ට්ගෙන් පසුව අභියෝගාත්මක ක්‍රීඩක ජැමෙයිකාවේ බ්ලේක් තුන්වන තැනට ඇදවැටීම කැපී පෙනුනා.
මීට පෙර විචාරකයන් සඳහන් කළේ බෝල්ට් සමුගැනීමත් සමඟ ඉන් ජමෙයිකාවෙන් ගිලිහෙන පදක්කම් බලාපොරොත්තුව රැකදෙන ක්‍රීඩකයා බ්ලේක් බවයි.
මීටර් සියය ඉසව්වේ ලෝක වාර්තාව හිටපු සුපිරි මලල ක්‍රීඩක උසේන් බෝල්ට් වෙත හිමිවන්නේ වේගය (2009 තත්.9.58) ලෙසින්.
එම වාර්තාවට අභියෝගයක් ලබාදීමට මෙම තරඟාවලියේදීද කිසිදු ක්‍රීඩකයෙකුට නොහැකි වීම විශේෂත්වයක්.
ලොව පුරා බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ එම ඉසව්ව පහතින්.