Gossips

ධාවන් සහ ෂර්මා එක්ව ඔස්ට්‍රේලියාවට දැවැන්ත ලකුණු පුවරුවක් ලබා දෙයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරඟය මේ වන විට ඉන්දියාවේ චන්දිගාර් හිදී පැවැත්වෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට තීරණය කළා.
නියමිත පන්දුවාර 50 අවසානයේ ඉන්දීය කණ්ඩායම ලකුණු 358ක් ලබා ගැනීමට සමත් වුණා.
එහිදී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ ශිකර් ධවාන් සහ රෝහිත් ශර්මා ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 193 වාර්තාගත සබඳතාවක් ගොඩනැගුවා.
කෙසේ නමුත් එම සබඳතාවෙන් පසු පිටියට පැමිණි ඉන්දීය කිසිඳු පිතිකරුවෙකුට ස්ථාවර වීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශිකර් ධාවන් ලකුණු 143ක් ලබා ගත් අතර රෝහිත් ෂර්මා ලකුණු 95ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී පැට් කමින්ස් ලකුණු 70කට ඉන්දීය කණ්ඩායමේ කඩුලු 5ක් බිඳ හෙලූ අතර ජේ රිචඩ්සන් ලකුණු 85කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.
ඒ අනුව තරඟය ජය ගැනීමට නම් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50කදී ලකුණු 359ක් ලබා ගත යුතු වනවා.
කෙසේ වෙතත් මේ වන විට ඉන්දීය කණ්ඩායම එක්දින තරඟාවලිය 2-1ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.