Gossips

ධාවනය වන දුම්රියට නගින්න ගිය පුද්ගලයෙක් වේදිකාව අතරින් ලිස්සාගොස් දුම්රිය යටට වැටුණු අනතුර

ධාවනය වෙමින් තිබියදී දුම්රියට නැගීමට ගිය අයෙකු ඇදවැටීමෙන් සිදුවන්නට ගිය අනතුරක් දැක්වෙන දර්ශන පෙළක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේ දුම්රිය ස්ථානයක් තුළදීයි.
අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි ආරක්ෂක නිලධාරියා විසින් එම පුද්ගලයා ඔසවා එළියට ගැනීම හේතුවෙන් ඔහුගේ දිවි බේරාගැනීමට හැකිවනවා.
අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ දුම්රිය මගී ආරක්ෂක අංශයේ නිලධාරියා ඇසිල්ලකින් ක්‍රියාත්මක වීම සියල්ලන් ඇගයීමට ලක්කර තිබෙනවා.
එම අවස්ථාව දැක්වෙන CCTV දර්ශන පෙළ පහතින්.