Gossips

ධවල මන්දිරයේ වැට අසළදී පුද්ගලයෙකු වෙඩි තබාගෙන දිවි හානිකරගනී

ඇමරිකානු ජනපති මැදුර වන වොෂින්ටන් නුවර – ධවල මන්දිරයේ වැට ආසන්නයේදී පුද්ගලයෙකු ඊයේ වෙඩි තබාගෙන දිවි හානිකරගෙන තිබෙනවා.
ගිනි අවියක් අතැතිව ඊයේ මද්දහනයේදී ධවල මන්දිරය ආසන්නයට පැමිණි මෙම පුද්ගලයා වෙඩි කිහිපයක් එල්ල කරගෙන ඇති අතර, ඉන් වෙනත් කිසිවෙකුට හානි සිදුව නැහැ.
කෙසේ නමුත් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම අවස්ථාවේ ධවල මන්දිරයේ සිට නොමැති අතර, ෆ්ලොරිඩාවේ සිය නිකේතනයේ කල් ගතකරමින් සිටි බව සඳහන්.
විශාල පිරිසක් සමග සිටියදී වෙඩි තබාගත් මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු හෝ ඊට හේතුව මෙතෙක් හෙළිදරව් වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.