සමාජය තුළ වැරදි කරන පුද්ගලයින් ධර්මයෙන්ම පමණක් නිවැරදි මාර්ගයට ගත නොහැකි බව අස්ගිරි පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ එළැඹෙන වෙසක් උත්සවයේ කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
