ධනංජය සහ කුසල්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් බංග්ලාදේශය අසරණ වෙයි
ධනංජය සහ කුසල්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් බංග්ලාදේශය අසරණ වෙයි
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන් වැනි දිනය නිමාවන විට තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
අද දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම, කඩුලු 3 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 504කි.
චිතගොන්හිදී පැවැත්වෙන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 513 ක් රැස් කළේය.
තුන් වැනි දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු 187කි.
කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 308 ක අගනා සබඳතාවක් ගොඩනැඟුවේය.
එය ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙතු දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු තුන්වන ඉහළම සබඳතාවය ලෙස වාර්තා අතරට එක්විය.
සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් ධනංජය ද සිල්වා ලකුණු 173 ක් රැස් කළේය.
කුසල් මෙන්ඩිස් ද තම ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 196 ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේය.
අද දිනය සඳහා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටින රෝෂේන් සිල්වා ලකුණු 87 ක් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 37 ක් රැස් කරගෙන සිටියේය.