Gossips

ධනංජය ද සිල්වාගේ නිවසට පොලිස් ආරක්ෂාව

ධනංජය ද සිල්වාගේ පියාගේ රත්මලානේ පිහිටි නිවසට සතියක කාලයක් සඳහා පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව පොලිසිය පවසනවා.
ධනංජය ද සිල්වාගේ සොයුරා වන සචිත්‍ර ද සිල්වා ප්‍රකාශකර ඇත්තේ තමාට ද තර්ජන පවතින බවයි.
මේ හේතුවෙන් නිවසට ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.
මේ අතර ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් සිල්වා ඝාතනයට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.
ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර විසින්.
එම පරීක්ෂණවලට අමතරව මිරිහාම විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ඇතුලුව තවත් විශේෂ ඒකක කිහිපයක් මගින් ද මෙම විමර්ශණවලට සහය ලබාදෙන බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පසුගියදා අගුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්.
රත්මලාන ප්‍රදේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිටදී ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා මහතා ඝාතනයට ලක්වූයේ පසුගිය මස 24 වැනිදායි.