ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් සිල්වා ඝාතනයට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.
ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර විසින්.
එම පරීක්ෂණවලට අමතරව මිරිහාම විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ඇතුලුව තවත් විශේෂ ඒකක කිහිපයක් මගින් ද මෙම විමර්ශණවලට සහය ලබාදෙන බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පසුගියදා අගුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්.
