Gossips

ධනංජයගේ පියා ඝාතනයට ඔත්තුව දුන් ජංගම දුරකථනය සොයා ගැනේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීම සඳහා ඔත්තුව ලබාදුන් බවට සැක කෙරෙන ජංගම දුරකථනයක් රත්මලාන ප්‍රදේශයේ ඇලක තිබී අද (26) සොයාගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමකදී මෙම ජංගම දුරකතනය සොයාගත් බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රංජන් ද සිල්වා රත්මලානේ පිහිටි සිය නිවස ඉදිරිපිට තවත් දෙදෙනෙකු සමඟ කතා බහක නිරතව සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය මස 24 වනදායි.