Gossips

ධනංජයගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල සාමාජිකයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අඟුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ රොෂාන් සහ අඟුලානේ බයියා නම් මෙම සැකකරුවන් දෙදෙනා පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන අමල් සිංහාරා හෙවත් කුඩු අංජු නැමැත්තාගේ ගෝලයින් බවයි.
පසුගිය 24 වැනිදා රත්මලාන ඥානේන්ද්‍ර පාරේ සිදුවු වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ජීවිතක්ෂයට පත්වුණා.
එහිදී තවත් දෙදෙනෙකු තුවාල ලැබූ අතර අතර ඔවුන් කලුබෝවිල රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
ටී – 56 වර්ගයේ ගිනි අවි යොදාගෙන මේ ඝාතනය සිදුකර තිබු අතර ධනංජයගේ පියාගේ සිරුරේ වෙඩි පහර 12 ක් සලකුණු වී තිබූ බවයි පොලීසිය කියා සිටියේ.