Gossips

ද ෆිනෑන්ස් නව තැන්පතු භාර ගැනීම මහබැංකුව අත්හිටුවයි

උග්‍ර ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ දී සිටින ද ෆිනෑන්ස් ආයතනයට නව තැන්පතු භාර ගැනීම ශ්‍රී ලංකා මහබැංකුව විසින් අත්හිටුවා තිබෙනවා.
තැන්පත්කරුවන් සහ ණය හිමියන් සුරක්ෂිත කිරීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර, කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සහ ණය ප්‍රදානය සීමා කිරීම ද සිදුකර ඇති බවයි මහබැංකුව නිවේදනය කළේ.
කෙසේ වෙතත්, ආයතනයේ මෙහෙයුම් කටයුතු දැඩි ලෙස නිරීක්ෂණය කරන බව පවසන මහබැංකුව තැන්පත්කරුවන්ට ලැබිය යුතු පොලී මුදල් ගෙවීම්, අඛණ්ඩව සිදුකෙරෙන බව කියා සිටියා.
ද ෆිනෑන්ස් ආයතනය මූල්‍ය පසුබෑමකට ලක්වුණේ 2008 වසරේදී එම ආයතනය අයත්ව තිබූ සමාගම් සමූහයේ මූල්‍ය ආයතන ගණනානවක සිදුවූ බිද වැටීම් හේතුවෙන්.