කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී වාසනාවන්ත සිව් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා.
මෙම දරුවන්ගේ මව්පියන් දෙදෙනාම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු වූවන් වීම විශේෂත්වයක්.
මෙලෙස දරුවන් ගේ මව්පියන් වීමට වාසනාව හිමිව ඇත්තේ කෝප්‍රල් අයේෂා දිල්හානි හා තිස්හැවිරිදි කෝප්‍රල් තාරින් ලක්මාල්ටයි.
අයේෂා සහ ලක්මාල් මේ වන විට දියණියන් දෙදෙනෙකුගේ සහ පුතණුවන් දෙදෙනෙකුගේ සුරතල් බැලීමේ භාග්‍ය උදාකරගෙන තිබෙනවා.
ඔවුන් මීට වසර 3 කට පමණ පෙර විවාහ වී දරුවන් අපේක්ෂාවෙන් බලා සිටියා.
එම බලාපොරොත්තුව ඉටු කරමින් පසුගිය 5 වනදා මෙම වාසනාවන්ත සිව් නිවුන් දරු උපත සිදුව තිබෙනවා.
ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් පතිරණ මහතාගේ විශේෂ උපදෙස් අනුව සිදුකල විශේෂ පරීක්ශාවකදී ඇයගේ කුස තුළ දරුවන් හතර දෙනෙකු සිටින බව හෙළි වී තිබෙනවා.
අනතුරුව රෝහලේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ප්‍රසව හා නාරිවේද වෛද්‍ය නිශාන්ත ප්‍රසාද් දිල්රුවන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මව රැකබලාගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව විශේෂ වෛද්‍ය උපදෙස් අනුව සිදුකළ සිසේරියන් සැත්කමකින් දරුවන් තිදෙනා පිටතට ගැනීමට සමත්ව තිබෙනවා.
