Gossips

ද වන් ශ්‍රී ලංකා – රිට්ස් කාල්ටන් සහ ජේ. ඩබ්ලිව් මැරියට් ගොඩනැගිලි ද්විත්වයේ බාහිර ආවරණය සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

"ද වන් ශ්‍රී ලංකා" ව්‍යාපෘතිය යටතේ කොළඹ කොටුවේ ඉදිකෙරෙන රිට්ස් කාල්ටන් සහ ජේ. ඩබ්ලිව් මැරියට් ගොඩනැගිලි ද්විත්වයේ ප්‍රධාන බාහිර ආවරණය ඉදිකිරීම සඳහා අද (12) ගිවිසුම්ගත වුණා.
ඒ, චීනයේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ආයතනයක් වන සිටික් සමාගම් සමූහය සමගින්.
ඒ සඳහා සිදුකෙරෙන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 70ක්.
කොළඹ කොටුවේ පිහිටි "ද වන් ශ්‍රී ලංකා" ව්‍යාපෘති කාර්යාලයේදී මෙම ගිවිසුමට එළඹුණේ "ද වන්" ට්‍රාන්ස්වර්කස් ස්ක්වයාර් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන, සිටික් සමාගමේ ව්‍යාපෘති කළමනාකරු ෂියෝ යොන් පිං සහ එස්.ජී.සී.ජී. කන්ස්ට්‍රක්ෂන් ග්ලෝබල් ආයතනයේ සභාපති ටියාන් යේ යන අයගේ සහභාගීත්වයෙන්.
ඒ, මහල් 80කින් යුත් රිට්ස් කාල්ටන් සහ මහල් 77කින් යුත් ජේ.ඩබ්ලිව් මැරියට් හි පිටතට ආවරණය ඉදිකිරීම සඳහායි.
ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 70ක ආයෝජනයක් සිදුකෙරෙනවා.
"ද වන්" ව්‍යාපෘතියේ රිට්ස් කාල්ටන් සහ ජේ.ඩබ්ලිව්. මැරියට් යන ගොඩනැගිලි ද්විත්වයේම තරු පන්තියේ හෝටලයක් සහ නිවාස ව්‍යාපෘතියක් බැගින් අඩංගුයි.
ඊට අමතරව සුපිරි පන්තියේ සාප්පු සංකීර්ණයක්, මහල් කිහිපයකින් සමන්විත වාහන අංගනයක්, උත්සව ශාලාවක් මෙන්ම අහසට විවෘත භෝජනාගාරයක්, කාර්යාල සංකීර්ණයක් සහ හෙලිකොප්ටර් අංගනයක් ද "ද වන්" ව්‍යාපෘතියට ඇතුළත්.
මෙම ව්‍යාපෘතිය යටතේ "ද වන්" නැමැති මහල් 94කින් යුක්ත තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතව ඇත්තේ දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙසින්.
මෙම ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 560ක් වන අතර ‘ද වන්’ ව්‍යාපෘතියේ පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 2021 අග භාගයේදී අවසන් කිරීමට නියමිතයි.