Gossips

ද. අප්‍රිකාවේදී දස්කම් පෙන්වනවා – චන්දිමාල්

ඕස්ට්‍රේලියාවේදී දැවැන්ත පරාජයන්ට ලක්වුවද එළඹෙන දකුණු අප්‍රිකානු චාරිකාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළි නැගී සිටිනු ඇතැයි, ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.
ඕස්ට්‍රේලියාවේදී සමඟ පැවති දිවා, රාත්‍රී ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 40ක පරාජයක් ලැබූ අතර, කැන්බරා හි පැවති දෙවැනි ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට හිමි වූයේ ලකුණු 366ක දැවැන්ත පරාජයක්.
ශ්‍රී ලංකා පිළ සංක්‍රාන්ත සමයකට මුහුණදුන්න ද කණ්ඩායමක් ලෙස නැගී සිටීමට කාලය එළඹ ඇති බවයි චන්දිමාල් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකාවට වැරදුණු තැන් සියල්ලන් දන්නා අතර, පන්දු රැකීමේ කුසලතා එහිදී මතු වූ බව ඔවුන්ගේ අදහසයි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරඟය පෙබරවාරි 13 වැනිදා ඩර්බන් හිදී ආරම්භවීමට නියමිතයි.