Gossips

දෝනිගේ කණ්ඩායමෙන් කෝලිට දැවැන්ත ප්‍රහාරයක්

ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය ඊයේ චෙන්නායි නුවරදී ආරම්භ වුණා.
තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 11 වන වතාවටයි.
තරගාවලිය ආරම්භ කරමින් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර තරඟය පැවැත්වුණා.
කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගනු ලැබුවා.
ඒ අනුව පිටියට පිවිසි කෝලි ප්‍රමුඛ බැංගලෝර් කණ්ඩායමට පිටියේ ස්ථාවර වීමට චෙන්නායි කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේ නැහැ.
බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 1ක දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 70ක් පමණයි.
චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී හර්බජාන් සිං සහ ඉමරාන් තාහිර් කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.
බැංගලෝර් කණ්ඩායමේ පිතිකරුවන් 10 දෙනෙක්ම ලකුණු 10 සිමාව පසුකර නොතිබූ අතර එම පිතිකරුවන් 10 අතරට කණ්ඩායමේ නායක විරාත් කෝලි ද ඇතුලත් වනවා.
ලකුණු 71ක පහසු ඉලක්කයක් හඹා ගිය චෙන්නායි කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා..
තරඟයේ වීරයා ලෙස හර්බජාන් සිං සම්මානයෙන් පිදුම් ලැබූවා.
IPL තරඟාවලියේ තවත් තරඟ 2ක් අද පැවැත්වෙනවා.
ඒ අනුව පළමු තරඟය සවස 4.00ට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර කොල්කටා නුවර එඩින් ගාඩන් නුවරදී පැවැත්වෙන අතර දෙවන තරඟය රාත්‍රී 8ට ආරම්භ වන අතර ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල් කණ්ඩායම අතර පැවැත්වෙන අතර එම තරඟය පැවැත්වෙන්නේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි.