Gossips

දොරටු විවෘත බව අගමැති කියයි

ජාතික ආණ්ඩුවක් යටතේ යළි වැඩකටයුතු සිදුකර ගැනීමට කැමති ඕනෑම අයෙකුට එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට දොරටු විවෘත කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පළාත් පාලන ආයතනවලට ඝණ අපද්‍රව්‍ය කළමනාකරණයට අවශ්‍ය වාහන බෙදා හැරීමේ උත්සවයකට ගාල්ලේදී එක්වෙමින්.
මාධ්‍ය තමන්ට චෝදනා එල්ල කරද්දී තම වස් දොස් දුරුවන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිකරන ලද නව කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම සහ පළාත් පාලන ආයතන 93 ක් සඳහා කසල බැහැර කිරීමේ යන්ත්‍රෝපකරණ බෙදා දීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
ඉන් අනතුරුව, උත්සවය අවසානයේ බෙදා දුන් රථ සහ යන්ත්‍රෝපකරණ නිරීක්ෂණයට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා.