Gossips

දෛවයේ සරදමින් අසරණ වූ සරසවි සිසුවියක්

තමා ඉදිරියේද ඇති දහසක් අභියෝග ජයගෙන ජීවිතය ගොඩගැනීමට වෙරදරද්දී නැවත නැවතත් දෛවයේ සරදමට හසුවී අසරණව සිටින සරසවි සිසුවියක් පිළිබඳ අපට අසන්න ලැබුණා.
ඒ සුරියවැව, අන්දරවැව ප්‍රදේශයෙන්.
තනුජා සෙව්වන්දි. ජීවත්වෙන්නේ සූරියවැව අන්දරවැව ප්‍රදේශයේ.
සාමාජිකයින් 6 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නිය වන සෙව්වන්දි උපතින්ම දෘෂ්‍යාබාදිතයි.
ලොව දකින්නට දෛවය ඉඩ සලසා නොතිබුණද අඳුර ආශීර්වාදයක් කරගත් ඇය අධ්‍යාපනයෙන් ආලෝකය සොයා ගියා.