Gossips

දෛනික වැටුප දහසක් ඉල්ලා අදත් වතු කම්කරුවන් විරෝධතාවයේ

වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩි කිරීමට වතු සමාගම් ඊයේ එකඟතාව පළ කළා.
කෙසේ වෙතත් අදත් දිවයිනේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහයන් පවත්වමින් වතු කම්කරුවන් කියා සිටියේ තම දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමිය යුතු බවයි.
තම දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දමන ලෙසට ඉල්ලමින් පසුගිය මාස කිහිපය තුලම වතු කම්කරුවන් විවිධ අවස්ථා වලදී උද්ඝෝෂණයන් සිදු කළ නමුත් වතු සමාගම් ඊට එකඟතාවය පළ කළේ නැහැ.
මේ සම්බන්දයෙන් වු විශේෂ සාකච්ඡා වටයක් ඊයේ කම්කරු සහ වෘත්තිය සබඳතා අමාත්‍යංශයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුනු අතර ඊට වැවිලි කර්මාන්ත, කම්කරු යන අමාත්‍යංශ වල අමාත්‍යවරුන් සහ වතු සමාගම් නියෝජීතයින් මෙන්ම වෘත්තිය සමිති කිහිපයක්ද එක් වුණා.