Gossips

දේශීය සමාගමක් ඉදිරිපත්ව සිටියදී, සුබාස්කරන්ට EAP විකිණීම සැක සහිතයි – විමල්ගෙන්, මහබැංකු අධිපතිට ලිපියක්

ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරය මිලට ගැනීමට දේශීය සමාගමක් ඉදිරිපත්ව සිටියදී එයට අවස්ථාව නොදී ශ්‍රී ලංකා මහබැංකුව සුබාස්කරන් අලිරාජාගේ සමාගම වෙත එම අවස්ථාව ලබාදීම සැක සහිත බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වෙත ලිපියක් යොමුකරමින් ඔහු සදහන් කරන්නේ මෙම දූෂිත ගණුදෙනුවේ වගකීමෙන් මහබැංකුවට හෝ එහි අධිපතිවරයාට ගැලවිය නොහැකි බවයි.