Gossips

දේශීය ව්‍යාපාරිකයන්ට සහන ලබාදීමට රජය කටයුතු කළ යුතුයි – බන්දුල

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා දේශීය කර්මාන්තකරුවන්ට හා ව්‍යාපාරිකයින්ට අවශ්‍ය සහන ලබාදීමට රජය කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රජයේ නව වෙළඳ ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි.
මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදයේ පරම හතුරා වන පාතාලය යළි නගාසිටුවීමේ මෙහෙයුමක ආණ්ඩුව යෙදී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා.
එහිදී ඔහු කියා සිටියේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවයි.