Gossips

දේශීය මත්පැන් මිල ඉහළට

දේශීය මත්පැන් බෝතලයක මිල අද සිට රුපියල් 10කින් ඉහළ නංවා තිබෙනවා.
ඩිස්ටලරීස් සමාගම ප්‍රකාශ කළේ මේ අනුව සිය සමාගම නිෂ්පාදනය කරන සෑම මත්පැන් වර්ගයකම මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවයි.
රජය විසින් මත්පැන් මිල ඉහළ නංවා නොමැති අවස්ථාවක මෙලෙස මත්පැන් බෝතලයක මිල ඉහළ නැංවීම විශේෂත්වයක්.
මේ සම්බන්ධයෙන් ඩිස්ටලරීස් සමාගමෙන් කළ විමසීමකදී එහි උසස් නිළධාරියෙකු සඳහන් කළේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් නිෂ්පාදන වියදම ඉහළ යාම මිල නැංවීමට හේතුවූ බවයි.
කෙසේ වෙතත්, මිල සම්බන්ධයෙන් මේ වන විට කළමනාකාරීත්ව මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන බව අනෙකුත් දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් කියා සිටියා.