Gossips

දේශීය පළතුරු ගොවියා නගා සිටුවීමට ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති කියයි

දේශීය පළතුරු ගොවියා නගා සිටුවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබදව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති නිළ නිවසේදී පැවැත්වුණා.
ආනයනික පළතුරු හේතුවෙන් දේශීය පළතුරු ගොවියාට එල්ල වී ඇති අභියෝග පිළිබදව ද එහිදී අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මීට අමතරව ව්‍යවසායකයින් වශයෙන් ඔවුන්ට සිය කර්මාන්ත ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.