ආහාර වර්ග ආනයනයේදී සිදුවන ජාවාරම් නැවැත්වීම සඳහා දේශීය කෘෂිකර්මාන්තයට මුලිකත්වය ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවට හම්බන්තොට – රුහුණු මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාවේදි අද එක්වෙමින්.
