නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට විරෝධය පළ කරමින් එහි සේවකයින් පිරිසක් මේ වනවිට එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.
ඊට එක්වූ දේශීය ආදායම් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් පුෂ්ප කුමාර කියා සිටියේ මහබැංකුවේ කටයුතු කළ නිලධාරියෙකු මෙලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කිරීමට එරෙහිව මෙම විරෝධතාව ක්‍රියාත්මක බවයි.
