Gossips

දේශීය ආදායම් සේවකයින් රතු එළි දල්වයි

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරය සඳහා නුසුදුසු පුද්ගලයෙකු පත් කළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බව දේශීය ආදායම් පොදු සේවක සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් අජිත් පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙතෙක් පැවති ක්‍රියා පටිපාටියට පටහැනිව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමේ සූදානමක මුදල් අමාත්‍යාංශය පසුවන බවයි.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීමේ බලය පවතින්නේ අමාත්‍ය මණ්ඩලයට බවයි.
එම ක්‍රියා පටිපාටියට අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීම සිදුකිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව එම තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකුගේ නම අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීමෙන් අනතුරුව එම තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීම සිදුවනු ඇති.