Gossips

දේශීය ආදායම් පනත ගැන අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්

අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත පිළිබඳ අසත්‍ය ප්‍රචාර තවදුරටත් පැතිරෙමින් පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එමඟින් පෙන්වා දෙන්නේ නව බදු පනත මගින් පන්ලක්ෂයකට ආසන්න සේවා නියුක්තිකයන් බද්දෙන් නිදහස් කර ඇති බවයි.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරිකිරීමේ ගිණුම්වලට සියයට 5 ක රඳවාගැනීමේ බද්ද අදාළ වන්නේ තැන්පතු මුදල රුපියල් කෝටි 2 කට ආසන්න අවස්ථාවකදී පමණයි.
ඉතිරි කිරීම් මත ලබන මාසික පොලී ආදායම රුපියල් එක්ලක්ෂ 25,000 ක් දක්වා පොලී අය කෙරෙන්නේ නැහැ.
මරණාධාර සහ සුබසාධක සමිතිවලින් බදු එකතු කරන බවට එල්ලවන චෝදනා අසත්‍ය වන අතර, ඒවායේ පොලී ආදායම් නව පනත යටතේ බද්දකට යටත් කර නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළා.