Gossips

දේශීය ආදායම් නිලධාරීන් හෙට විරෝධතාවයේ

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරය සඳහා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන සී.ජේ.පී. සිරිවර්ධන පත් කිරීමට එරෙහිව හෙට (25) දිනයේදී විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කරන බව දේශීය ආදායම් පොදු සේවක සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් අජිත් පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම විරෝධයට බලධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීමට පියවර ගන්නා බවයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරයට පත් කළ සී.ජේ.පී. සිරිවර්ධන මහබැංකුවේ වසර 32ක කාලයක් සේවය කර තිබෙනවා.
මෙම පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමි වී ඇති බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.