Gossips

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැන බන්දුල කතාකරයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අයකිරීමට අමතරව උපදෙස් ලබා දීමටත් ගාස්තු අයකරන ආයතනයක් බවට පත් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා.
කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔවුන් පැවසුවේ මීට අදාල ගැසට් පත්‍රය පසුගිය අප්‍රේල් මස පළමුවෙනිදා නිකුත් කර ඇති බවයි.
දේශීය අදායම් කොමසාරිස් ජනරාල් ලලිත් අයිවන් දිසානායක මහතා විසින් නිකුත් කර ඇති අංක 2064/64 දරන මෙම අතිවිශේෂ ගැසට් පත්‍රෙයන් නියම කර ඇත්තේ යම් බදු ගෙවන්නෙකු විසින් පෞද්ගලික රීති නියමයන් සඳහා ඉල්ලුම් කර ඇති අවස්ථාවේදී ගාස්තු ලෙස රුපියල් 25000ක මුදලක් අය කිරීමටයි.