Gossips

දේශීය ආදයම් පනත සංශෝධන කිරීමට බලාපොරොත්තු වනවා – අගමැති

මෑතකදී ගෙන ආ දේශීය ආදයම් පනතට අවශ්‍යතාව පරිදි සංශෝධන සිදුකිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කරන්දෙණිය වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ අද (24) පැවති උත්සවයක් අමතමින්.
කරන්දෙණිය වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල අද (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.