Gossips

දේශීය අල ගොවීන්ට සාධාරණ මිලක්

දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා මිලදී ගැනීමට ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කළ බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ගොවීන් වෙත ගොස් මිලදී ගන්නා අල කිලෝවකට රුපියල් අනූවකටත්, ගොවීන් ගෙනවිත් භාරදෙන අල කිලෝවක් රුපියල් 100 කටත් මිලදී ගැනීමටයි එහිදී තීරණය වී ඇත්තේ.
එලෙස මිලදී ගන්නා අල කිලෝවක් සතොස හරහා රුපියල් 115 ක මිලකට අලෙවි කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.