Gossips

දේශපාලන හේතූන් මත සිරගත කළ දුමින්ද සිල්වා වැනි සිරකරුවන්ට නිදහස ලබාදිය යුතුයි – අජිත් ප්‍රසන්න

මරණ දඬුවම ලැබ සිරගතව සිටින රණවිරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි ඉල්ලා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කොටුව
දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව සිටින යුද සමයේ ක්‍රියාන්විතයේ යෙදී සිටි රණවිරුවන් සිව් දෙනෙකුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ ඊයේ දිනයේයි.
ඊට එම රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ද එක්ව සිටිනවා.
එහිදී විශ්‍රාමික මේජර් අජීත් ප්‍රසන්න මෙලෙස අදහස් පළකළා.
"2009 මැයි මාසයේ 18 ,19 වෙනකොට මේ රටේ ත්‍රස්වාදය නිමා කරලා කියලා අපි හැමෝම සතුටු වුණා. හැබැයි අද මරණීය දඬුවම ලැබුණු රණවිරුවෝ 4 දෙනෙක් ඉන්නවා. වැලිකඩ ඉන්නවා සුනිල් රත්නායක රණවිරුවා, මේජර් ඩික්සන් රාජමන්ත්‍රී, ප්‍රියන්ත රාජකරුණා, සමන්ත පුෂ්පකුමාර රණවිරුවන් ඉන්නවා පල්ලේකැලේ බන්ධනාගාරයේ. මේ අයට තියෙන චෝදනාව තමයි මිනීමැරුම්. හැබැයි 12,000 ක් නිදහස් කරානේ කොටි සැකකරුවො. ඒ ගොල්ලො කී දාහක් මැරුව ද කියල අපි දන්නෙ නැහැ. මේ රට නිදහස් කර ගන්නට රණවිරුවො විදිහට ඒ අය සිදුකළ රාජකාරිය ඉෂ්ඨ කරන්න ගිහිල්ල තමයි අද ඔවුන්ට මරණ දඬුවම නියම වෙලා තියෙන්නේ.
උදාහරණයක් ලෙස ඔබ දන්නවා දුමින්ද සිල්වා කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අද මරණ දඬුවම ලැබිලා තියෙනවා. ඒ නඩු තීන්දුව බැලුවත් හොඳටම තේරෙනවා ඒ වෙඩි තැබීම සිදුකරලා තියෙන්නේ දුමින්ද සිල්වා පාර්ශවයෙන් නොවෙයි. අනිත් පැත්තෙ පාර්ශවයෙන්. එතකොට දුමින්ද සිල්වාට වෙඩි වදිනවා, සිහිය නැති වෙනවා, ඔහු රෝහල් ගත වෙනවා, ඔහු කාටවත් කිසිම අණක් දීලා නැහැ වෙඩි තියන්න. මුලින්ම වෙඩිල්ල වැදුනෙත් ඔහුට. හැබැයි තීන්දුව දෙන්නෙ මරණ දඬුවම.
මේ වගේ අවස්ථාවක ජනාධිපතිතුමාට විතරයි පුළුවන් මේක නිවැරදි කරන්න. ඒ නිසා අපි මේ වෙලාවේ ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමනි, අපි ඊයේ උපවාසය පටන් ගත්තා. මේ රණවිරුවො 4 දෙනාට ජනාධිපති සමාව දෙන්න කියලා. අපි මේක නිදහස් දිනය දක්වා ගෙනියනවා. මහා ඉහළින් නිදහස සමරයි ගාලුමුවදොර. හැබැයි රට නිදහස් කර ගත්ත රණවිරුවො හතර දෙනා හිර ගෙවල්වල යකඩ කූරු ගණිනවා. ඔබට බලතල තියෙනවා ජනාධිපතිතුමනි, ජනාධිපති සමාව දෙන්න."