Gossips

දේශපාලන හේතූන් මත පසුගිය සමයේ දී සමෘද්ධි දීමනාව ලක්ෂ දෙකකට ලැබී නැහැ – අමාත්‍ය අකිල විරාජ්

දේශපාලන හේතූන් මත පසුගිය සමයේ දී සමෘද්ධි දීමනාව ලක්ෂ දෙකකට ලැබී නොමැති බවත්, එම සමෘද්ධිලාභීන්ට නැවත එය ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා කුරුණෑගල, හිරියාල එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ දී පැවති රැස්වීමකට එක්වෙමින්.
එමෙන්ම සමෘද්ධි සහනාධාරය නැවත ලබාදීමේ ක්‍රියාවලියට සමගාමීව සමෘද්ධිය ආශ්‍රිත රැකියා ලබාදීමේ කටයුත්ත ද සිදුකිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.