දිවයිනේ සියලු බන්ධනාගාරවල සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා වව්නියාව නගරයේ විරොධතාවක් පැවැත්වුනා.
වව්නියාව පැරණි බස් නැවතුම්පල ඉදිරිපිටින් ආරම්භ වූ පෙලපාලියේ පැමිණි පිරිස වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියේදී විරෝධතාවයේ නිරතවු බවයි අප වාර්තාකරු කියාසිටියේ.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ පවුල් එකමුතුව, වව්නියාවේ සිවිල් සමාජ ඇතුලු සංවිධාන කිහිපයක් විසින් මෙම විරෝධතාව සංවිධාන කර තිබු බව සඳහන්.
විරෝධතාකරුවන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ හිඳගැනීම හේතුවෙන් වාහන ධාවනයට බාධා එල්ලවු අතර පොලිසියේ මැදිහත්වීමෙන් ඔවුන් ඉවත් කිරීමට පියවර ගැනුනා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම විරෝධතාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙයික්කලනාදන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා මෙන්ම පළාත් සභා මන්ත්‍රී පී සත්‍යලිංගම් ඇතුලු දේශපාලන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටි බවයි.
ඡායාරූප – වන්නි, රොමේෂ් මදුෂංක
